රෝස ශාකයේ ඉතිහාසය
August 25, 2009
රෝසමලේ අතීතය ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය ,ජපානය,හා ග්‍රීසිය ද අයත් වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී රෝසමල් සැරසීම සදහා යොදාගැනේ.චීනය ,ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ.රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි.රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්,විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය.මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත.මේ නිසා අදත් රෝස හැදින්වෙන්නේ කැලෑ රෝස නමිනි.පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය.පසුව සිදුකල දෙමුහුන් කිරීම මගින් බහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත.එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වර්ගීකරණයට ලක්කොට ඇත.
කැලෑ රෝස
අතීතයේ සිට මිනිසා සමග පැවති වර්ගයකි. පුරාණයේ යම් යම් රෝග සදහා රෝසමල් පෙති තම්බාගත් ජලය ප්‍රයෝජනයට ගැනීම නිසාත් කැලෑවල විශාල ලෙසට වැවෙන නිසාත් මේ නාමය භාවිතා විය.මීට අමතරව ඩැමෙස්කස් ,ගැලීකා ලෙසට ද කැලෑ රෝස වර්ගීකරණය වේ.රෝසා වැන්කසීසා නමින් හැදින්වෙන වර්ගය වැලක ආකාරයට වැවේ.වර්ණයෙන් සුදු සහ කහ පැහැයෙන් යුක්තය.මේ රෝස වර්ග අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසා සමග පැවත ආ වර්ගයකි.මීට අමතරව වර්තමානයේ දැකිය හැකි රෝස වර්ග කීපයකි. මේවා මල්වල පැහැය හැඩය වර්ණය අනුව වර්ගීකරණය කොට ඇත.
දැනට අප අතර පවතින රෝස වර්ග
- හයිබ්‍රිට් ටී රෝස -(Hybird Tea Roses)
- ෆොලොරිබණ්ඩා රෝස-(Floribunda Roses)
- කුරු රෝස -(Miniature Roses)
- වැල් රෝස -Climbers and Rombiers)
- පදුරු රෝස -(Shurb Roses)
- හයිබ්‍රිටි ටී රෝස (Hybird Tea Roses)
මේවා ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය රෝස වර්ගයක් ලෙස හැදින්වේ.පෙති රාශියක් ඇති මල් ද ,නොපිපෙන කේතු කාරයට පිපෙන මල් ද පවතී. ඊට අමතරව තනි මල් හා මල් කීපයකින් සැදුම් ලත් මල්ද දැකිය හැක.
මේ රෝස වර්ග ලෙසට
- ඇලෙක්ස්
- ඇලෆ-ෆයින් සන්සෙට්
- චිකාගෝ ෆිෂ්
- ගෝල්ඩ් ක්‍රවුන්
- පීස්
- පින්ක් ෆොචරීට්
- සිල්ව ජුබිලි යෙලෝ පේස්ඩ්
- හෙලන් ට්‍රොබෙල්
- පිකඩලී
- බ්ලු මූන්
- සර්ටන් හොලිඩේ
- නේෂන්ට්‍රස්ට්
ලෙසට හැදින්වේ.මේ වර්ග වගා කිරීම සදහා නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශයේ දේශගුණය ඉතා යෝග්‍යය වේ.
ෆොලොරි බණ්ඩා (Floribunda Roses)
මේ වර්ගයේ රෝසමල් තරමක් කුඩාය.සුවදක් නොමැත.ඓහෙත් මෙහි ඇති විශේෂත්වය නමි වැඩි කාලයක් පර නොවී පැවතීමය.ඒ සමග මල් විශාල සංඛ්‍යාවක් එකවර පිපේ.මේ වර්ගයෙන් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙයි. එහි ප්‍රභේද කිහිපයකි.
- මයි ගර්ල්
- චැනලි
- ක්වීන් එළිසබෙත්
- හනිමුන්
- ඩියරස්ට්
- ටිකී
- සී පර්ලි
- බියුලි ඇබේ
- ෆර්පෙක්ට්
කුරු රෝස (Miniature Roses)
ශ්‍රී ලංකාවේ දී පඳුරු වශයෙන් දැකිය හැක.උස අගල් 5-10 අතර වේ. නිරන්තර රෝගයන්ට ගොඳුරු වීම නිසා වගා කිරීම අපහසුය.තෙත පස හා ශීත දේශගුණය තුළ තරමක් දුරට හෝ වගා කිරිමට හැකිය.
වැල් රෝස (Climbers and Romblers)
මෙය මූලික වශයෙන් වර්ග දෙකකි.
- වැල් රෝස (උසට වැඩෙන)
- වැල් රෝස (උසට නොවැඩෙන)
එක් වර්ගයක් දිගුව වැඩේ.ඒ සමග වැලක ස්වරූපයක් ගනී.දෙවන වර්ගය පහලට කඩා වැටේ.මේ වර්ගය ශ්‍රි ලංකාවේ එතරම්ම ජනප්‍රිය නැත.සාමාන්‍ය ලෙස ගෙවතුවල වගා කෙරේ.වැල් රෝස වගා කිරීමේ දී විශාල ඉඩක් අවශ්‍යය වේ.ආරුක්කු මත හා පියස් මත සාර්ථක ලෙස වගා කිරීමට හැකිය.
- වැල් රෝස (උසට වැඩෙන)
- අයිස් බර්ග්
- ස්කූල් ගර්ල්
- කැසිනෝ
- ගෝල්ඩන් ෂවර්
- වින්ක් පර්පැච්
- වැල් රෝස (උසට නොවැඩෙන)
- ඩොරිති
- පර්තින්
- ක්‍රිම්සන් ෂවර්
පඳුරු රෝස (Shurb Roses)
මෙය ශ්‍රී ලංකාවට ආවේණික රෝසමල් වර්ගයකි.එතරම් ජනප්‍රිය නොවූවකි.වර්ෂයකට එක්වරක් පමනක් මල් පිපේ.මෙම වර්ගය “මූන්ලයිට් ෆවුන්ටන්” ලෙසට හැදින්වේ.
රෝස වගා කිරිමේ දි දැනගතයුතු මූලික කරුණු
රෝස වගා කිරිමේ දී මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුය.එසේ නොදැන වගා කිරීමට යාම මගින් වගාව අසාර්ථක වේ. රෝස ගස්වලට වැළඳෙන රෝග පොහාර යෙදීම ,පස සකස් කිරීම,කප්පාදු කිරීම පිළිවෙලට මනා අවබෝධයකින් යුතුව කළයුතුය.
පස් වර්ග හදුනා ගැනීම
- වැලි පස යොදා ගැනීම
වැලි පස රෝස වගාවට යොදාගන්නේ නම් පැන නගින ප්‍රධාන ගැටලුව ජලය එහි රදා නොසිටිමයි.මේ නිසා පස වියලී යයි.ශාකවලට මෙම වර්ගය සුදුසු නැත.විශේෂයෙන්ම රෝස ශාකවලට මෙය නුසුදුසුය.ඊට හේතු වන්නේ රෝස පැළ සිටුවීමෙන් පසු පොහොර යෙදීම කළහොත් දින කිහිපයකින් පොළවට පොහොර ගිලා බසී.ජලය රැදී නොසිටීම නිසා ශාකය මැරී යයි.නැතිනම් වියළී යයි.මේ සදහා සුදුසු පරිදි පස සකස් කිරීම සදහා ගෙවත්තේ තෝරා ගත් බිම් අඩි 1 2/1 ක් පහළට හා අඩි 1ක් ගැඹුරට කපා පස ඉවත්කල යුතුය.ඉන්පසු ඇතුලට තණකොළ පිඩලි ,ඇටකටු පොහොර,කොළ පොහොර,වැලි 2:2:1 අනුපාතයට මිශ්‍ර කොට අගල් 6 සිටින සේ පළමුව මිශ්‍රණය යොදා ඉන් පසු පැළය සිටුවා පසුව වටේට ඉතිරි පස් මිශ්‍රකොට පුරවා දැමීම අවශ්‍යය. පසුව දිනකට දෙවරක් ජලය යෙදිම සුදුසුය.
- මැටි ආශ්‍රිත පසේ රෝස වගා කිරීම
මැටි පසේ ප්‍රධාන ලක්ෂණය ජලය බැස නොයාමයි.ජලය රඳා පැවතීම සදහා පසෙහි වාතාශ්‍රය අඩුය.මේ නිසා වියළි කාල වලදී පස වියළී යන ස්වරූපයක් දකී.මැටි පසේ රෝස වගා කිරීමේ දී මුලින්ම අවශ්‍යය ප්‍රමාණයට පාත්ති සකස්කොට ගැනීමෙන් පසු පස පුළුස්සා ඉන් දින කීපයකට පසු පාත්ති මත හුණු කුඩු ඉසීම අවශ්‍යය වන්නේ පසේ ආම්ලිකතාවය අඩු කිරීමටය. ඉන්පසුව කොළ පොහොර ගොම සමග වැලි 2:2:1 මිශ්‍රණයට එක්කොට ,පැළ සිටුවා වැලි පසෙහි පොළව සකස් කල ආකාරයට සකස්කර ගැනීම වැදගත්ය. *ලොම් ආශ්‍රිත පසේ රෝස වගා කිරීම
ජලය හොදින් බැස නොයන දැඩි ලොම් පස ඉතාමත් සාරවත් පසකි.රෝස වගාවට එවැනි සාරවත් පසක් ද සුදුසු නොවේ.මේ නිසා රෝස වගාව සදහා ඒ පස සුදුසු ලෙස සකසා ගත යුතුය.මෙහිදී අඩි 02 ක් ගැඹුරට වළක් කපා ගැනීමෙන් පසු අඩි1 1/2 පමණ පළල් කොටසක පස් හොදින් බුරුල් කොට වියළාගත් ගොම කුඩු එකතුකොට ඉතිරි කොටසට කොළ පොහොර හා වැලි සමව මිශ්‍ර කළ යුතුය.ඉන්පසු රෝස පැළය සිටුවා ගන්න.
- හුණු පස වගාවට යොදා ගැනීම
හුණු පස රෝස වගාවට සුදුසු නොවේ.ඓහෙත් පස් ඒ තත්වයට පත්කළ හැක.මුලින්ම කපාගත් වැලි පස් ඉවත් කොට ඉන්පසු පොළව යටට තණ පිදලි අලවා පස් මිශ්‍රණය වැලි,ගොම , කොළ පස් 2:2:1 අනුපාතයට මිශ්‍රකොට ඉන්පසු පැළය සිටුවන්න. ජලය අවශ්‍යය ප්‍රමාණයට යෙසිය යුතුය.
- ජලයය රඳා පවතින පසේ රෝස වගා කිරිම
කොතරම් හොදට පස සකස් කළත් පොහොර යෙදුව ද ,ජලය නිසි ලෙස බැස නොයන්නේ නම් සාර්ථක රෝස වගාවක් කළ නොහැකිය.එහි දී ජලය බැසයාම සදහා
රෝස පැළ ලබා ගැනීම
රෝස වගාකර ගැනිමට අවශ්‍යය පළමු කාර්යය රෝස පැළ ලබා ගැනීමයි.මේසදහා ක්‍රම කීපයක්වෙයි.
- අතු බැදිම (ගුටි ක්‍රමය)
- කපා අතු සිටුවීම
- බද්ධ කිරීම
- හෝමෝන කිරීම
- බීජ මගින් බෝකර ගැනිම
රෝස පැළ සිටුවීමේ දී සැළකිය යුතු කරුණු
ගෙවත්තේ රෝස වගා කිරීමේ දී සුදුසු පරිදි පාත්ති සකස් කොට පසුව රෝස ගස් සිටුවීමේ දී පරතරය පිළිබද සැළකිළිමත් විය යුතුය.මේ සදහා වර්ගීකරණය අනූවකළයුතුය.
හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක්අතරපරතරයඅඩි03වියයුතුය. කුරු රෝස මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.
වැල් රෝස ඉතා මිටි බැවින් පරතරය අඩි 10 පමණ විය යුතුය.
උසට වැවෙන වැල් රෝස ශාකය බොහෝ විට ඉතා උස බැවින් ගස් දෙකක් අතර පරතරය අඩි 06 පමණ විය යුතුය.
- භාජන තුළ රෝස පැළ සිටුවීම
භාජන තුළ රෝස පැළ සිටුවිමේ දී භාජනය හා පස් මිශ්‍රණය වැදගත් වේ.මේ සදහා කුඩා ප්‍රමාණයේ භාජන යොදා ගැනිමට වඩා මඳක් විශාල භාජන යොදා ගැනීම වැදගත්ය. පළමුව අවශ්‍යය පස් මිශ්‍රණය සකසා ගත යුතුය.සිටුවීමෙන් පසු දින 10ක් පමණ යනතෙක් සෙවණ ලැබෙන සේ තැබීම වැදගත්ය.ඒ කාලය තුළ සුළු ප්‍රමාණයක් ජලය ලබා දිය යුතුය.පැළවී ඇති පැළයක් නම් අනෙකුත් පැල සමග එකට නොතිබීම ද වැදගත්ය. අලුත් පැළයක් සිටුවීමේ දී බැක්ටීරියා නාශකයක් සුළුවශයෙන් යෙදීම වැදගත්වේ. *අතුමගින් බෝ කිරීම මේ සදහා වඩාත් සුදුසු වන්නේ පහසුවෙන් වගාකළ හැකි රෝස වර්ගයන්ය.මෙහිදී අතු මගින් බෝ කිරීම ඉතාමත් පහසු ක්‍රමයයි.ඒ සදහා ගසේ මැදින් අඟල් 9 කට කපාගත් කැබැල්ල ජලය සහිත බඳුනක තබා පසුව අඟල් 8 ක පරතරයක් සිටින සේ සිටුවා ගත යුතුය. මෙහිදී කිනිති කැබලිවලට අවශ්‍යය උත්තේජනය ලබාදීම සදහා හෝමෝනයන් යොදා ගැනීම වැදගත්ය. අඩුම වශයෙන් සති 2-1 අතර කාලයකදි මුල් ඇදිම සිදු වේ.පසුව අලුත් ශාකය වෙනත් භාජනයක සිටුවාගත හැකිය.
රෝස බද්ධ කිරීම
රෝස බද්ධ කිරිමේ ක්‍රමයන් අතරින් ප්‍රධාන වන්නේ යටිකුරු මී බද්ධයයි. මෙය ඉතාමත් සියුම් ලෙසට කළ යුතු ක්‍රියාවකි.මේ සදහා මුලින්ම කැලෑ රෝස අංකුරයක් එහි යටිකුරු ටී කැපුම යොදා ගන්න.මල් පිපුණු රෝස අත්තක අංකුරයක් ලබාගෙන එය තබා ඉහළ සිට පහළට පොලිතීන් වලින් වෙලන්න.ඉන්පසු සෙවණ සහිත ස්ථානයක තබන්න. සති හතරකට පසු පැලුම බුරුල් කොට නැවත වෙලන්න.
ෝස කප්පාදුව
රෝස ගස් කප්පාදුව සදහා හොදම කාලය අප්‍රේල් මාසයයි.කප්පාදු කිරීම සදහා දැඩි කප්පාදු යොදන්නේ නම් .පොළවේ සිට අඟල් 05 ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න. එහිදී අංකුර එන ස්ථාන ඉතිරි කරගන්න.ක%
සීගිරියේ වාස්තු විද්‍යාව
August 25, 2009
නාගරික සැළසුම්කරණය
සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.
සිගිරියේ බිම් සැලසුම
නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංග:-
- නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිම
- දොරටු නිර්මාණය
- පාරිසරික සම්බන්ධතාවය
- ලෙන් නිර්මාණය
- ගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්)
නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම.
සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාවශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා තිබෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා තිබේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර තිබේ. සිගීරි පර්වතයේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැබෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.
දොරටු නිර්මාණය
සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි.
පාරිසරික සම්බන්ධතාවය.
සීගිරියේ නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය වටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇත.
ලෙන් නිර්මාණය.
සිගිරියේ වාස්තු විද්‍යාත්මක නිරිමාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණය කිරිමයි. සිගිරියේ ඇති ලෙන් බොහාමයක්ම කටාරම් කොටා සකස් කර ඇති ඒවාය. එසේම කටාරම් කොටන ලද එම ලෙන් දක්නට ලැබෙන්නේ බටහිර පාර්ශවයේ පමණි. නැගෙනහිර පැත්තේ ලෙන් දක්නට ලැබුනද ඒවා කටාරම් කොටා සකස් කරන ලස ඒවා බව නොපෙනේ.
ගල් භාවිතා කිරිමේ ස්වරුපය.
ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරිම සීගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණයක් වේ. ගල් ගුහා වල කටාරම් කෙටිම ඉන් පැරණිතම අවස්ථා ලෙස හදූනා ගත හැක. එසේම ලක්දිව කොතැනක හෝ දක්නට නොලැබෙන ආකාරයේ විශ්මය ජනක නිර්මාණ පවා සීගිරියේ දක්නට ලැබෙනුයේ ශිලා භාවිතයේ දායකත්වයත් සමගය. මින් වඩාත්ම පුදූම එළවන සුළු නිර්මාණය වන්නේ සීගිරි පර්වතය වටා කොටන ලද මහා කටාරමය. සැබවින්ම එය සීගිරි නිර්මාණය තුල ලැබෙන විශ්මිත කාර්යය වන්නේය. බිමින් අඩි 500 ක් තරම් උසිනුත්,උඩින් අඩි 100ක් තරම් පහළිනුත් උතුරු හා බටහිර අර්ධය පුරා එක කෙලින් කපන ලද මේ කටාරමේ නිර්මානකරණය නම් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමට පුදූම එළවන සුළුය.
![]()
![]()
![]()
![]()
සීගිරි පුරවරයේ ඇති එකම කළු ගලක් හෝ නිර්මාණකරණයකින් තොරව ඉතිරි නොකරන්නට එකල ශිල්පීන් වගබලාගෙන තිබේ.පිහිටි ගල් ඇතුළට සාරා පොකුණු තැනීමද සීගිරියේ ගල් වැඩ අතර දැකිය හැකිය. එසේම වාස්තු විද්‍යාවේදි ගල් බහුලව භාවිතා කර ඇත්තේ දිය අගල් වල බැමි සදහාත්,මාලක සදහා බැමි නිර්මාණය කිරිම සදහාත්ය. කළු ගල් හැරුනු කොට සිගිරි නිර්මාණ විෂයෙහි වැඩිම දායකත්වයක් දක්වන්නේ හුණුගල්ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ සදහා හුණුගල් පිටතින් ගෙන ආ බව පෙනේ. පියගැට පේළි,ආසන,බොරදම්,පිළිම,මුරගල්,ජල මල්,කානු පද්ධති සහ ගොඩනැගිලිවල බිමටද හුණුගල් භාවිතා කර ඇති බව පෙනේ. සිගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන අමුද්‍රව්‍ය වන්නේ ගඩොල්ය. කුඩා පනා බැම්මක මහ පවුරක් දක්වාම වු සෑම තැනකම ගඩොලුමය ඉදි කිරිම් සහ නිර්මාණ රැසක් දැකිය හැකිවේ. පොකුණු නිර්මාණය ගොඩනැගිලි තැනීම, මාලක නිර්මාණය සහ පවුරු නිර්මාණය සඳහා මෙන්ම දොරටු නිර්මාණය සඳහා ද ගඩොල් භාවිතා කර තිබේ. සීගිරි ගල මුදුනේ වූ මාලිගය හා උද්‍යානය වෙනුවෙන් ගඩොල් ස ලක්ෂ ගණනක් ඉහළට ගෙන ගියේ කෙසේදැයි සිතීම පවා විශ්මයජනනකය. සීගිරි ගඩොල් නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන අංග දෙකක් වේ. එනම් සීගිරි ගලේ බටහිර පැත්තේ ගල් ආනතියේ නිමවා ඇති කැටපත් පවුරත්, සිංහ පාද මළුව තුළ දැනට දෙපා පමණක් ඉතිරි වී ඇති දැවැන්ත සිංහ රූපයත්ය.දැව භාවිතය ද සීගිරියේ දී මහා පරිමාණයෙන් කර ඇති බවට ප්‍රමාණවත් තරම් සාධක හමුවේ. පර්වත මත ඉදිකළ බොහෝ ගොඩනැගිලි විවෘත මණ්ඩප වශයෙන් තිබු බව පැහැදිලි වන අතර, ඒ සඳහා දැව කණු භාවිතා කර තිබේ. එසේම සෑම ගොඩනැගිල්ලක්මඋළුසෙවිලි කොට තනා තිබේ. සාම්ප්‍රදායික පැතිලි උළු වන මේවා අතර මුදූන් උළු කැටද දක්නට ලැබේ. එසේම ගොඩනැගිලි අලංකාර කීරිම සදහා මැටියෙන් කල කුළුණු හිස් රාශියක්ම යොදා ගෙන තිබේ. අටපට්ටම් පදනමකින්ද අටපට්ටම් කුළුණු හිසකින්ද යුතු වු මේවා විසිතුරු මල්කමින් සහ ගිනිදළු මෝස්තර වලින් අලංකාර කර තිබේ.
*උද්‍යාන සැලසුම්කරණය
සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
- ජල උද්‍යානය
- ශිලා උද්‍යානය
- මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.
*ගොඩනැගිලි සැලසුම්කරණය
නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්,ගඩොලු,දැව සහ බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙනනේ ගඩොලුමය නිර්මාණයන්ය.ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පුර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් සහ දැවය.
Raninforests
August 24, 2009
The Amazon Rainforest is the world’s greatest natural resource - the most powerful and bio-actively diverse natural phenomenon on the planet. Yet still it is being destroyed just like other rainforests around the world. The problem and the solution to rainforest destruction are both economic. Rainforests are being destroyed worldwide for the profits they yield - mostly harvesting unsustainable resources like timber, for cattle and agriculture, and for subsistence cropping by rainforest inhabitants. However, if land owners, governments and those living in the rainforest today were given a viable economic reason NOT to destroy the rainforest, it could and would be saved. Thankfully, this viable economic alternative does exist. Many organizations have demonstrated that if the medicinal plants, fruits, nuts, oils and other resources like rubber, chocolate and chicle, were harvested sustainably - rainforest land has much more economic value than if timber were harvested or if it were burned down for cattle or farming operations. Sustainable harvesting of these types of resources provides this value today as well more long term income and profits year after year for generations to come.
This is no longer a theory. It is a fact and it is being implemented today. The latest statistics show that rainforest land converted to cattle operations yields the land owner $60 per acre and if timber is harvested, the land is worth $400 per acre. However, if these renewable and sustainable resources are harvested, the land will yield the land owner $2,400 per acre. This value provides an income not only today, but year after year - for generations while still protecting the forest. Just as important, to wildharvest the wealth of sustainable rainforest resources effectively, local people and indigenous inhabitants are employed. Today, entire communities and indigenous tribes earn 5 to 10 times more money wild harvesting medicinal plants, fruits, nuts and oils than they can earn by chopping down the forest for subsistence crops - another reason why so much rainforest land is lost year after year. This much needed income source creates the awareness and economic incentive for this population in the rainforest to protect and preserve the forests for long term profits for themselves and their children and is an important solution in saving the rainforest from destruction.
The Raintree companies advocates the preservation of rainforests by promoting the use and creating consumer markets for these sustainable and renewable rainforest resources and products with special emphasis on it’s important medicinal plants. Hundreds of pages of documentation, validation and information on rainforest medicinal plants can be found on this website in an effort to help educate people about the true wealth of the rainforest - these important medicinal plants. We all share a common thread in this relationship, and that is the preservation of the rainforest, through education and by developing ethical, viable and economic alternatives. By creating a market demand and income from sustainably harvested rainforest resources, we are enjoined by many others to provide a morally and ecologically balanced relationship that is not only supportive of the rainforest and monetary needs of the indigenous peoples of the rainforest, but can compete financially with other unsustainable sources of income offered by timber companies and agricultural concerns. Raintree’s focus, since it’s inception, has been on the Amazon Rainforest.
The Amazon Rainforest has long been a symbol of mystery and power, a sacred link between humans and nature. It is also the richest biological incubator on the planet. It supports millions of plant, animal and insect species - a virtual library of chemical invention. In these archives, drugs like quinine, muscle relaxants, steroids and cancer drugs are found. More importantly, are the new drugs still awaiting discovery - drugs for AIDS, cancer, diabetes, arthritis and Alzheimer’s. Many secrets and untold treasures await discovery with the medicinal plants used by shamans, healers and the indigenous people of the Rainforest Tribes. So alluring are the mysteries of indigenous medical knowledge that over 100 pharmaceutical companies and even the US government are currently funding projects studying the indigenous plant knowledge and the specific plants used by native shamans and healers.
Long regarded as hocus-pocus by science, indigenous people’s empirical plant knowledge is now thought by many to be the Amazon’s new gold. This untold wealth of the indigenous plants are the true wealth of the rainforest - not the trees. Rich in beneficial nutrients, phytochemicals and active constituents, the rainforest Indians and Indigenous People have used them for centuries for their survival, health and well-being. Yet extracting these secrets from the jungles is no easy task and sadly, this state of affairs may not last long enough into the future for man to unlock all their secrets. Tragically, rainforests once covered 14% of the earth’s land surface; now they cover a mere 6%. In less than 50 years, more than half of the world’s tropical rainforests have fallen victim to fire and the chain saw and the rate of destruction is still accelerating. Unbelievably, over 200,000 acres of rainforest are burned every day in the world. That is over 150 acres lost every minute of every day. Experts estimate that at the current rate of destruction, the last remaining rainforests could be consumed in less than 40 years. Experts also estimate that we are losing 130 species of plants, animals and insects every single day as they become extinct from the loss of rainforest land and habitats. How many possible cures to devastating diseases have we already lost?
We hope you will join us and others in supporting rainforest conservation and preservation to stop this tide of destruction. Raising consciousness of the problems is simply not enough. You as a consumer do have power and it can be put to good use. We hope that this website will not only educate you about the problems but show you effective ways in which you as an individual can positively affect your life and health while positively affecting the rainforest.

