දයාබර යෙහෙළියේ
September 13, 2009
සොුරු ඔය නෙතු අද්දර
රුදුනු ආදර සිනහවට
සත්තයි මම බැදුනා
ඉවක් කොනක් නොපෙනෙන
මේ පාලු කතරේ
වීයලි තොල් තෙමා සැනසූ
දියපොද ඔබම වුනා
දහදිය මගින් පෙගුණ
විඩාබර ඔය මුහුණ
සැමදින එක ලෙසට
මට සිසිල ගෙනාවා
සියලු දේ හැර දමා
යන දිනය ලං වෙද
ඔබ දමා කෙලෙස මම
සමුගන්නෙ මිතුරියේ
කිසිම දා මම ඔබ හැර නොයමි
ඔබේ අනාගතය සාර්තක වේවා
රුවනි ඔබටයි මෙ පැතුම්